පාඨමාලා ගාස්තු 40% කින් ඉහළ දැමීම, සිසු මර්දනය ඇතුළු කාරණා කිහිපයකට විරෝධය දක්වමින් නාවල විවෘත විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව කොළඹ වෝර්ඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී අද උද්ඝෝෂණය කළහ.
නාවල සිට ඔවුහු එහි ආහ. පෙත්සමක්ද බලධාරින්ට බාර දුන්හ. පොලිස් කැරළි මර්දන ඒකකයද කැඳවා තිබිණි. වෝර්ඩ් පෙදෙස පුරහල, කිංසි පාර අවට දැඩි රථවාහන තදබදයක්ද පැවතිණි.










