තරිඳු ජයවර්ධන
රහස් පොලිසියෙන් දෙවැනි වරටත් කරන ලද දැනුම් දීම අනුව ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (18) උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
එහි මිනීමැරුම් විමර්ශන අංශය මේ වන විට නාලක සිල්වා මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටී.
ඒ මහතා පසුගිය 16 වැනි දා රහස් පොලිසියට කැඳවනු ලැබුවත් දරුවකුට අසනීප බව කියමින් ඔහු රහස් පොලිසිය හමුවේ පෙනී සිටියේ නැත.
ඒ අනුව කුරුඳුරුවත්ත පොලිසිය මගින් ඒ මහතාට දෙවැනි වරටත් කැඳවිම් යැවීමට රහස් පොලිසිය කටයුතු කර තිබිණි.

