තරිඳු ජයවර්ධන
තම දරුවකුට අසනීපවී ඇතැයි කියමින් අද රහස් පොලිසියට නොපැමිණි ත්‍රස්ත විමර්ශන අංශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 18 වැනි දා යළිත් වරක් රහස් පොලිසියට කැඳවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ඊට අදාල පොලිස් පණිවුඩය කුරුඳුවත්ත පොලීසිය හරහා නාලක ද සිල්වා මහතා වෙත යැවූ බව ද එම දොපර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
අද පෙරවරු 09ට රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයාට දන්වා තිබුණත් ඔහු පැමිණියේ නැත.
නාලක සිල්වා 18 යළි රහස් පොලිසියට කැඳවයි
Recommended Articles