නාලක - නාමල්ට 8 වැනි දා අධිකරණයට එන්නැයි නියෝග


මනෝප්‍රිය ගුණසේකර සහ නිමන්ති රණසිංහ

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රභූවරුන් පිරිසක් ඝාතනය කිරීමට සැලසුම් සකස් කළ බව කියන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ ඒ බව හෙළි කළ දුෂණ විරෝධී බළකායේ විධායක අධ්‍යක්ෂක නාමල් කුමාර මහත්වරුන්ට ලබන 8 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළාය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන රහස් පොලිස් නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස් එලෙස නියම කළාය.