නාරාහේන්පිට හිටපු ක්‍රයිම් ඕඅයිසීට ඇප නෑ


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ තොරතුරු වසන් කළැයි රිමාන්ඩ් භාරයේ සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරාගේ ඇප ඉල්ලුම ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණය නඩු විභාගය නොවැම්බර් 7 වැනිදා තෙක් කල් තැබීය.

ඝාතන තොරතුරු වසන් කිරීමේ පළමු සැකකරු ලෙස රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ සුමිත් චම්පික පෙරේරා මාස පහකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටී.