නාරාහේන්පිට හිටපු ඕඅයිසී ඇප ඉල්ලයි


හිටපු සීආර් සහ එෆ්සී කණ්ඩායමේ රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන්ගේ ඝාතනයේ තොරතුරු වසන් කළැයි  සැකපිට රිමාන්ඩ් කරන සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරාට ඇප ඉල්ලමින් ඔහුගේ නීතීඥවරු කොළඹ මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කළහ.

එහි වගඋත්තරකරුවන් වන නීතිපතිට, රහස් පොලිස් අධ්‍යක්ෂට හා රහස් පොලිස් ස්ථානාධිපතිට ලබන 31 වැනි දා මහාධිකරණයේ පෙනී සිටින්නැයි මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නොතීසි නිකුත් කළේය.

සුමිත් පෙරේරාගේ නීතීඥ අජිත් පතිරණ මහතා කියා සිටියේ ඉහළ නිලධරයන් විසින් දෙනලද නියෝග ක්‍රියාත්මක කිරීම පමණක් ඔහු විසින් කරන ලද බවයි.