නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිට ඇප


රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ සාක්කි වසන් කළැයි දීර්ඝ කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි නාරාහේන්පිට අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද නියෝග කළේය.

විනිසුරුවරයා එලෙස නියෝග කළේ සැකකරුගේ ඇප අයැදුම අද කැඳවූ අවස්ථාවේදීය.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප තුනක් සුමිත් පෙරේරා මහතාට නියම විය. ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ අතර සෑම මසකටම වරක් රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.