නාරා ආයතනයේ විශේෂ පුස්තකාලය ඩිජිටල්කරණය කර අන්තර්ජාලයට එක් කිරීම පසුගියදා සිදු කෙරිණි.
ජලජ සම්පත් ක්ෂේත්‍රයේ පර්යේෂණයන්හි නියැලෙන පර්යේෂකයන්ට අවශ්‍ය අපහසුකම් සැලසීමේ අරමුණින් මෙම පුස්තකාලය විශේෂ පුස්තකාලක් ලෙස සකසා විවිධ තොරතුරු ඇතුළත් කර මෙය ඩිජිටල්කරණය කර තිබේ.
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය සහ නාරා ආයතනයේ පුස්තකාලය හා තොරතුරු අංශය එක්ව මෙම ඩිජිටල් කරන කටයුත්ත සදහා දායක වු අතර මෙමගින් ඉතාමත් වටිනා ග්‍රන්ථ, පර්යේෂණ වාර්තා, ලිපි ලේඛන ආදියේ තොරතුරු පිළිබදව ක්ෂණිකව තොරතුරු ලබාගැනීමට පාඨකයන්ට හැකියාවක් ලැබේ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වු නාරා ආයතනයේ සභාපති මහාචාර්ය දයා එදිරිසිංහ මහතා ප්‍රකාශකර සිටියේ අන්තරජාලය යනු මෙම සියවසේ මිනිසා විසින් බිහිකළ විශිෂ්ට නිර්මාණයක් බවත් එමගින් විපුල ප්‍රයෝජන ලබාගැනීම පර්යේෂණ ක්ෂේත්‍රයේ නියෙලෙන්නන්හට අතවශ්‍ය කරුණක් බවයි.
මේ වනවිට ග්‍රන්ථ පරිශීලනය බොහෝ අය අතරින් ඉවත්ව ගොස් ඇති බවත් ඒ වෙනුවට අන්තර්ජාලය මගින් තොරතුරු ලබාගැනීමේ ප්‍රවණතාවය වැඩිවී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
(36698)