නාරම්මල අනතුරකින් සිඟිත්තියෝ දෙකක් ඇතුළු තුනක් මරුට


(සජීවා කෝට්ටගොඩ)

කතරගම ගොස් ආපසු මෝටර්  රථයක හා පෞද්ගලික බස් රථයක් එකිනෙකට ගැටීමෙන් මෝටර් ගමන් ගත් රියදුරා හා සිඟිති දියණියන් දෙදෙනකු මිය ගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි නාරම්මල පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූවන් තිදෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලට  ඇතුළත් කර තිබේ.

නාරම්මල  කිවුල්ගල්ල ප්‍රදේශයේදී  මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ පොල් පිතිගම ,මඩගල්ල,කුබුකුලාව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා කෝප්‍රල් කේ.එච්.ඒ.සී . සමන් කුමාර (38) ඔහුගේ දියණිය කේ.එච්.ඒ. මෙනුලි ලවන්න්‍යා (මාස 11 ) හා පහලගම පාර, දුනුපොතගම, දිවුල්ලෑව, මහව ලිපිනයෙහි පදිංචිව සිටි බිරිඳගේ සොහොයුරාගේ දියණිය වන තිලුනි සෙනුල්ල්‍යා (මාස 10 ) යන අයයි.

මියගිය හමුදා සෙබලා යුද හමුදා සංඥා බලකායට අනුයුක්තව පනාගොඩ ආරක්ෂක සේනා මූලස්ථානයේ,(බටහිර ) සේවයෙහි යෙදී සිට පසුගිය 2025.07.14 දින නිවාඩු ලබා ගෙන පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වේ.