නායයාමේ අවදානම නිසා හැටන් - බගවන්තලාව මාර්ගයේ ගමන් නවතයි


හැටන් රංජිත් රාජපක්ෂ                       
හැටන්  බගවන්තලාව මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වෙලිගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ගිලා බැසිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (13) දහවල් 11.30 සිට සම්පුර්ණයෙන්ම තාවකාලිකව නතර කල බව නොර්වුඩ් පොලිසිය පවසයි.


එම ප්‍රදේශයේ නායයාමේ අවදානම හේතුවෙන් එම  ප්‍රදේශයේ නිවාස 5 ක් මේ වන විට ගිලා බැස ඇති නිසා එහි පවුල් 5 අයත් සමාජිකයන් 23 දෙනෙකු ස්ථිරවම එම ස්ථාන වලින් ඉවත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබුණි.


කාසල්රි ජලාශයට ඉහලින් පිහිටි මෙම නිවාස සහ ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයක් මේ වනවිට ගිලා බැස ඇත.
එම මාර්ගයේ ගමන් ගන්නා වාහන  ගිලා බැස ඇති ස්ථානයේ දෙපස පමණක් ධාවනය කිරිමට පොලිසිය විසින් කටයුතු කර ඇත.


නැවත දැනුම් දෙන තුරු හැටන් බගවන්තලාව හැටන් බලංගොඩ, හැටන් මස්කෙලිය යන මාර්ගවල ධාවනය කරවන වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.