නාය අවදානමක් නිසා පුද්ගලයන් 27 දෙනෙකු ඉවත් කරයි


පාලිත ආරියවංශ 
 
මහ වැසි  සමඟ ඇතිවූ නාය අවදානමක් නිසා හල්දුම්මුල්ල කොස්ලන්ද වත්තේ  කොටබෙත්ම කොටසේ පවුල් 6 කට අයත් පුද්ගලයන් 27 දෙනෙකු  එම ස්ථානයෙන්  තාවකාලිකව ඉවත් කළ බව ආපදා කළමනාකාරණ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ. එල්.එම්. උදයකුමාර මහතා පැවසීය.


ඔවුන් කොටබෙත්ම තේ  කර්මාන්ත ශාලාවේ නතර කර තිබේ .