නාමල්ට නඩු දාන්න අල්ලස් කොමිසමට අවසර


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතා ඉවත දැමු ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව අධිකරණයට  අපහස කිරිමේ චෝදනා පත්‍රය ඔක්තෝබර් 3 වැනිදාට පෙර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) අල්ලස් කොමිසමට නියෝග කළේය.

අයථා ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයක් ගැන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නියෝග අනුව කටයුතු නොකිරිමෙන් මන්ත්‍රීවරයා අපහාසයක් කර  ඇති බවට පැමිණිලි කරමින් එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ගොනු කළ කරුණ සම්බන්ධ තින්දුව ප්‍රකාශ කරමින් මෙම නියෝගය කැරිණි.

අගවිනිසුරු කේ.ශ්‍රී.පවන් විවෘත අධිකරණයේ ප්‍රකාශයට පත් කළ එම නියෝගයේ සඳහන් වන්නේ අල්ලස් දුෂණ විමර්ශන කොමිෂන් පනතේ 20 (5) වගන්ති අනුව තමන්ට ලැබෙන සහතිකයක් මත මෙවැනි අපහාස නඩු ගොනු කිරිමට සහ ඒ සම්බන්ධ කටයුතු විමර්ශනය කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ඇති බවයි.