නාමල්ගේ රැකවලා මෛත්‍රී ළඟටම ඇවිත් : ඉනේ පිස්තෝලයක්


අඟුණුකොළපැලැස්ස පුරහලේදී සෙනසුරාදා මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ රැස්වීමේදී බරපතල ආරක්ෂක බිඳ වැටීමක් සිදුවී ඇතැයි පොලිස් ආරංචි කියයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීගේ ආරක්ෂකයකු වන හමුදා කෝප්‍රල්වරයකු අවියක්ද සඟවාගෙන අවි සමග ඇතුළුවිය නොහැකි පෙදෙසකට ඇතුල්වී ඇතැයි කියති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් හමුවීම සඳහා මේ රැස්වීම පැවැත්විණි.

ජනාධිපති ආරක්ෂක අංශයෙන් නාමල්ගේ ආරක්ෂකයා අනිවාර්යයෙන්ම සෝදිසි කළ යුතු නමුත් රටේ ප්‍රධාන පුරවැසියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය එම අංශයෙන් අනුගමනය කර නැතැයි දැනගන්නට ඇත.

එම හමුදා කෝප්‍රල් සෝදිසියට ලක් නොකළ බව ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ කමාන්ඩෝ භටයන් දැක ඇත. ඒ වනවිට එම ආරක්ෂකයා ජනපතිට සමීපව සිටි බවද කියති.

ජනපති යම් උත්සවයකට සහභාගීවන අවස්ථාවේ අගමැති ආරක්ෂක අංශය හා ඇමැති ආරක්ෂක අංශයද ඉවත්වී ඒ රාජකාරිය ජනාධිපති ආරක්ෂක අංශයට පවරන බව ආරංචි මාර්ග කියයි. එහිදී පළාතේ පොලිසියද ජනාධිපති ආරක්ෂක අංශයේ නියෝග පිළිපැදිය යුතු බවද කියති.

පොලිස් විශේෂ බලකාය නාමල්ගේ ආරක්ෂකයන් සෝදිසි කර ඔහු ළඟ පිස්තෝලයක් ඇති බව සොයා ගත්තේය. ඔහු එම ස්ථානයෙන් ඉවත් කැරිණි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කොළඹ පොලිස් නිලධරයෙක් කියයි.

ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා වනුයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහයි. ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේද සේවය කළේය.

මේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ රහස් පොලිසියට බාරදී ඇත.

  web-3

01 03 04 05 07 08 09 12 14---Minister-Mahinda-Amaraweera 15--General-Secretary-.-Anura-Priyadarshana-Yapa 16-Speaker-Chamal-Rajapaksa 17