නාමල්ගේ මාධ්‍ය හමුවේ සංස්කරණය නොකළ දර්ශන සීඅයිඩියට දෙන්නැයි නියෝග


මනෝප්‍රිය ගුණසේකර

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරිමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා  මහතා තමන්ට දැනුම් දුන් බව හෙළි කරමින් දුෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා මහනුවර දී පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන රහස් පොලිසියට ලබාදෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මාධ්‍ය ආයතන හතරකට අද (17) නියම කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් තමන් පරීක්ෂණ ආරම්භ කළ බව අධිකරණයට දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු එම පරීක්ෂණ සඳහා මෙම මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන තමන්ට අවශ්‍ය බව කියමින් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.