උසස්පෙළ ඉංග්‍රිසී භාෂා විභාගයක් සඳහා ‘ටෝෆල් ලැන්ග්වේජ් කැම්පස්‘ නම් ආයතනයක් රුපියල් දස දහසක මුදලක් අය කරන බව සඳහන් පත්‍රිකාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පණිවුඩයක් අනවරසරයෙන් ගත්තැයි කියන රන්නේ ටියුෂන් ගුරුවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
ගාල්ල ,මාතර,හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්කවල දරුවන්ගේ ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ දැනුම නැංවීමට මෙම ආයතනය ප්‍රසංශනීය සේවයක් ඉටු කරන බව කියැවෙන නාමල් රාජපක්ෂ මහතාග් පණිවුඩයක් ඇතුළත් පත්‍රිකා එහි ඇතැයි ද එහෙත් මන්ත්‍රීවරයා එවැනි පණිවුඩයක් නිකුත් කැර නැතියි ද පොලීසිය කියයි.





