නාමල්ගේ නඩුවට නීතිපති සහය පතයි


2013 දී  රගර්  තරගාවලියක් සංවිධානය කිරිම සඳහා ක්‍රිෂ් සමාගම දුන් රුපියල් මිලියන 70 ක මුදලක්  අවභාවිතා කළැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට  එරෙහිව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවරා ඇති  නඩුවේ උදෘත නීතිපති  වෙත යවා ඇති බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  ප්‍රකාශ කළාය.

විමර්ශන අවසන් බවත්  වෙනත් සැකකරුවන් අත්අඩංගුවට  ගැනීමට  නොමැති බවත්  අධිකරණයට ප්‍රකාශ කළේය.

නීතිපති උපදෙස් සඳහා මාර්තු 20 වැනි දා  නඩුව යළි කැඳවිමට  නියමිතය.


රුපියල් ලක්ෂ 412 ක මුදල්  හා දේපල හිමිකාරිත්වය ලබාගත් ආකාරය හෙළි නොකිරිමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට අල්ලස්  කොමිසම පවරා ඇති  නඩුවෙහි  ලිඛිත දේශන යොමු කරන ලෙස මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පාර්ශවකරුවන්ට අද (31) නියෝග කළේය.

නඩුව ජනවාරි 31 වැනි දා යළි කැඳවිමට නියමිතය.