නාමල්ගේ නඩු කල් දමයි


රුපියල් මිලියන 15ක් හා රුපියල් මිලියන 30ක් වශයෙන් අයථා ගනුදෙනු දෙකක් ගැන මුදල් විශුද්ධිකරණය යටතේ කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා තවත් පස් දෙනකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොණු කළ නඩු දෙකක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.

මෙම ගනුදෙනු සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පැවරීම ගැන නීතිපති ස්ථාවරය දැනගන්නා තුරු නඩුව කල් තැබිණි.

මෙහි සැකකරුවන් දෙදෙනකු වන ඉන්දික කරුණාජීව හා ඉරේෂා සිල්වා යන අය මෙම නඩුවෙන් පලාගොස් විදේශගතව සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ඉන්ටපෝල් මගින් විවෘත වරෙන්තුවක් දෙන ලෙස එෆ්සීඅයිඩීය අධිකරණයෙන් ඉල්ලුවේය.එම ඉල්ලීම දිවුරුම් ප්‍රකාශයක් මගින් දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම නඩුවේ සැකකරුවන් වන නාමල් රාජපක්ෂ,නිත්‍යා සේනානිනායක,සුජානි බෝගොල්ලාගම,සුදර්ශන බණ්ඩාර අධිකරණය හමුවේ පෙනී සිටියහ.ඔවුන්ට පෙර ඇප නියම විය.