නාමල් රාජපක්ෂ අද එෆ්සීඅයිඩීයට


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (17) පෙරවරු 10.00 ට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණි.

එම කැඳවීම අනුව ඔහු එහි ගියේය.

‘යහපාලන ආණ්ඩුව ආ දවසේ සිටම අපි මූල්‍ය අපරාධ කොට්ඨාසයට එනවා යනවා. මගේ මල්ලි ආවා. එයාව නම් අත්අඩංගුවට ගත්තා. මගේ පෙර වාසනාවකට තවම අත්අඩංගුවට ගත්තේ නෑ. ඒ පින තව කොපමණ කාලයක් තිබේදච කියා දන්නේ නෑ. දේශපාලන වශයෙන් පළි ගැනීමට අප මෙතනට නොවෙයි, කොහේ ගිහින් ප්‍රශ්න කළත් ජනතා සේවය නතර කරන්නේ නෑ.‘ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පැවසීය.

DSC_0062 DSC_0126 DSC_0157