නාමල් මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදකියි


(අංජුල මහික වීරරත්න)

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මහනුවරදී අද ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගත්තේය.

දළදා වහන්සේ වන්දනා කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැ දුටුවේය.

ආගමික කටයුතුවලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කීවේ පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙස නිරන්තරයෙන්ම ආගම සමග සමීපව කටයුතු කරන බවයි.

ආණ්ඩුව රණවිරුවා දඩයම් කිරීමට ගන්නා උත්සාහය අනාගතයේදී විශාල ප්‍රශ්නයක් බවට පත්වනු ඇති බව කී නාමල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කළ බව සඳහන් කළේය.