අද සිව්වැනි දිනටත් බෝගම්බර හිරගෙදර වහළට නැඟ සිටිනා සිරකරුවන් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගියේය.
එක්කෝ එල්ලා මරුණු, නැතිනම් නිදහස් කරනු කියමින් මරණ දඬුවමට නියම වූ 40කට වැඩි පිරිසක් වහළට නැඟ සිටිති.
නාමල් රාජපක්ෂ මහතා පැමිණියහොත් බසින බව ඔවුහු කලින් කීහ.
බෝගම්බර සිරගෙදර ඉන් ඉවත් කැර පල්ලේකැලේට ගෙන යෑමට නියමිතය.