නාමල් බඹරුන්ගෙන් බේරෙයි


පදවිය බෝගස්වැව විදුලි යෝජනා ක්‍රමයක් විවෘත කිරීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (25) බඹර ප්‍රහාරයකින් බේරුණේය.

එහෙත් හමුදාවේ දස දෙනෙක් ද, ගැමියෝ 20 දෙනෙක් ද ඊට ලක්වූහ.

නාමල් රාජපක්ෂ මහතා විදුලිය විවෘත කර රැස්වීම පැවැති ස්ථානයට යෑමට පෙර බඹරුන් ඇවිස්සී ගිය බව ගැමියෝ කියති.

නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෝ ඔහු රියට නංවා ගත්හ.

කපිතාන්වරයකු, ලුතිනන්වරයකු, සෙබළුන් අට දෙනකු හා ගැමියන් 20 දෙනකු රෝහලට රැගෙන ගිය බව එහි සිටි අය කියති.