නාමල් කුමාරගේ හෙළිදරව්ව පාර්ලිමේන්තුවද උණුසුම් කරයි


(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කළ කුමන්ත්‍රණය පිළිබඳව නාමල් කුමාරගේ මහතා කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (18) පැයකට වැඩි කාලයක් උණුසුම් විවාදයක් ඇතිවිය.

හූ හඬ සිනා හඬ මෙන්ම ආවේගශීලි කතා බහද ඒ අතර දක්නට විය.ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 26 (2) යටතේ ඇසූ ප්‍රශ්නයක් හේතුවෙන් මේ තත්ත්වය ඇති විය.