නාමල් කුමාරගේ කටහඬ පරීක්ෂාවට


(නිමන්ති රණසිංහ)

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන දුරකථන සබඳතාව සම්බන්ධයෙන් කටහඬ පරීක්ෂාව සදහා දුෂණ විරෝධී බලකායේ විධායක අධ්‍යක්ෂ නාමල් කුමාර හෙට (26) පෙරවරු 10.00ට රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (25) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මෙම කටහඬ පරීක්ෂණය සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයේ හෙට (26) පෙරවරු 10.00ට රජයේ ප‍්‍රධාන රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කරන ලෙසට මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය වැඩිදුරටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුරටත් නියෝග කළාය.