නාමල් අත්අඩංගුවට


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මින් මද වේලාවකට පෙර කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

ගිය රජය සමයේ ඔහු කළැයි කියන මූල්‍ය අපරාධ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි දැනගන්නට ඇත. 

අත්අඩංගුවට ගත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.