නාමල්, හරිනිට ස්තුති කරයි


(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය  හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  පවසයි.

පසුගිය දිනවල තමා  ආපදාවට ලක්වූ ප්‍රදේශ වලට ගිය බව කී මන්ත්‍රීවරයා  එහිදී  විපතට පත් ජනතාව මුණ ගැසුණු බවත් ඔවුනට කඩිනම් සහන අවශ්‍ය බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසට නාමල් රාජපක්ෂ මහතා  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගෙන් සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබිණි.