නාපොලියේ සිංහල පොත්ගුල


ඉතාලිය පොත්ගුල්වලින් නොඅඩු රටෙකි .නාපොලි නඟරය ද පොත්ගුලින් සපිරුණේ ය.මේ පොත්ගුල් ඉතාලි, ප්‍රංස ,ග්‍රීක ,ලතින,ජර්මන,ඉන්ගිලිසි,ආදී සජීව බසින් ද අජීව බසින් ද ලියැවුණු පත-පොතින් පෝසත්  නමුදු  සිංහල පත-පොතින් නම් දුගී  වෙය් .සිංහල පාඨක පිරිසේ පවස නිවනු පිණිස නාපොලියේ සිංහල පොත්ගුලක් ද වෙය් .නාපොලියේ දාන්තේ චතුරශ්‍රය අසල පිහිටි "එළිය පුස්තකාලය "  ජෙසූ නුවෝ ශ්‍රී ලාංකික එකමුතුව විසින් පවත්වාගෙනයනු ලබන සමාජ සත්මේවරකි .දහසය වසරක් පමණ දිගු කාලයක් තිස්සේ පවත්වාගෙනයනු ලබන මේ පොත් ගුල්  සත්මෙහෙවර පීටර් ක්‍රිස්ටෝපර් නම් සිංහල පියතුමන් විසින් පදනම් දමනු ලදුව ක්වින්ටින් ප්‍රනාන්දු මහතාණන් ගේ කැපවීමෙන් අද දක්වා ම පවත්වාගෙනයනු ලබන්නෙකි.ජෙසූ නුවෝ ශ්‍රී ලාංකික එකමුතුවේ ලේකම් වරයා ක්වින්ටින් ප්‍රනාන්දු මහතා ය.පුස්තකාල කුඩා හලේ  ඇති කුදු ඉඩ කඩෙහි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ප්‍රායෝගික ඉතාලි බස ඉගැන්වීම ද සිදුකෙරේ.

DSC_0035 DSC_0037 DSC_0038