නාපොලිය බුදු බැතියෙන් ඇළලේ


ඉකුත් දා ඉතාලියේ නාපොලි නඟරයේ  සූවිසි බුදුවරුන්වහන්සේලා වැඩම කිරීමේ මහපෙරහරක් පැවැත්විණි. නාපොලියේ හීනයාන බෞද්ධ විහාර මන්දිරයේ තැන්පත් කිරීමට මෙසේ සූවිසි බුදුපිළිම වහන්සේලා වැඩමකිරීමේ පිංකම විහාරාධිපති කොළොන්නාවේ නාරද හිමියන්ගේ උපදෙස් හා මඟ පෙන්වීමෙන් නාපොලියේ හීනයාන බොදුනු විහාර දායක සභාව සංවිධානය කළේය.

පෙරහරේ සුවිසෙස් බව කැපි පෙනුණේ සධාතුක  කරඬුව වැඩමකිරිම පිණිස නපොලියේ සිටින ශ්‍රි ලංකාවේ කොන්සල් නිතිඥ සල්වතෝරේ පුල්යෙසේ ගේ සහභාගීත්වයයි. නපොලියේ නඟර මැද හෙවත් දාන්තේ චතුරශ්‍රයෙන් පිටත්වූ කසා ඡත්‍රාලංකෘත පෙරහර සැදැහැතියන් ගේ සාධු  නාද රාවය මැද අඩ සැතැපුමක් පමණ වීදි සංචාරය නිමවා විහාර මන්දිරයට පිවිසිණි. මේ මනරම් පෙරහර ඉතාලි ජාතික පිරිස් මහත් රුචියෙකින් නරඹනු ද ඉතාලි ජනමාධ්‍ය රූ ගතකරනු ද දැකගත හැකිවිය.

1922132_1020151163435286495_n-(1) 1922132_1020201511632233435286495_n 10838100_102015116954263261_o-(1) 12112183_114366785201511646987620_n