(පද්මසිරි ගාර්දියවසම්)
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
මෙලෙස දියේ ගිලී අතුරුදහන්ව ඇත්තේ බණ්ඩාරවෙල ,කිරිමදුගොඩ ප්‍රදේශයේ පදිංචි ආර්.පී.රාජපක්ෂ නමැති 67 හැවිරිදි පුද්ගලයෙකි . වැවේ දිය නෑ පිරිස ගොඩ විත් බලන විට මොහු නොමැති බව දැක ඇතැයි පොලිසිය කියයි .