ශ්‍රී ජයවර්ධනපුර සරසවිය සමීපයේ නාන පොදු ළිඳක් අසලදී කතක රංචු ගැසී කෙළෙසූ බව කියන පිරිසෙන් තව දෙදෙනෙක් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
කලින් තව දෙදෙනෙක් සැකපිට රිමාන්ඩ් කරනු ලැබූහ.
ඇඟළුම් කම්හල්වලින් කැපෙන රෙදි කැබලි ගෙන ගෙස් විකුණන කතක ගෙදර යද්දී රාත්‍රියේ වැරදි බස් නැවතුමෙන් බැසීමෙන් පසු මේ අතවරයට පත් වූ බව කියති.
ඇය කෙළෙසූ පිරිස ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සේවකයන් දැයි සොයන බව පොලීසිය පවසයි.
මුලින් ඇය ළිඳ ළඟට රැගෙන ගිය ත්‍රීරෝද රියදුරන් පොලීසියට කියා ඇත්තේ මුදල් ගැනීමට කැමති වී ඇය පැමිණි බවයි.
පසුව ආ දෙදෙනා ඔවුන් විසින් කැදවන ලදැයි ඇය පොලීසියට කියා ඇත.
ඇගේ කෑගැසීම ඇසී අසල් වැසියන් පොලීසිය කැඳවා තිබේ.

