නාන කාමරයට එබුණු මිනිහාගේ සිරුර කැලෑවක


පොලිස් කතක කට උත්තරය ලියා ගනිද්දී ඔක්කාරය හැදී ඇතැයි පවසමින් වැසිකිලියට යන මුවාවෙන් පලා ගිය පුද්ගලකුගේ සිරුරක් අද ලඳු කැලෑවකින් සොයා‍ගත් බව පොලීසිය කියයි. පොලීසිය පවසන්නේ ඔහු ගෙල වැලලාගෙන සියදිවි නසාගන්නට ඇති බවයි. හෝකන්දර කාන්තාවක නාන කාමරයේ නාමින් සිටිය දී එහි ඇතුළු වූ වා යැයි සැකකරන මේ පුද්ගලයා පැනගිය නමුත් යතුරු පැදි අංකයෙන් ඔහු අත්අඩංගුවට ගත් පොලීසිය ඔහුගෙන් කටඋත්තරයක් ලියා ගනිද්දී පලා ගියේය.