නාත්තන්ඩියේ අනවසර ඖෂධ අලෙවිසලක් අල්ලයි


(ජුඩ් සමන්ත)

නිසි අවසරයකින් තොරව නාත්තන්ඩිය කොට්ටරමුල්ල නගරයේ පවත්වා ගෙන ගිය බව කියන ඖෂධ අලෙවිසලක් වටලා එහි තිබූ භාවිතයට නුසුදුසු ඖෂධ වර්ග රැසක් අත්අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍යය නාශක කාර්යංශය හා පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍යය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

එහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බවද එම කාර්යාල පවසයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින තරුණයින් ඉලක්ක කර ගනිමින් මෙම ඖෂධ අලෙවි කර ඇති බව නිලධාරීහු පවසති.

මෙරටට ගෙන්වීමට අවසර ඇත්තේ  මිලි ග්‍රෑම් 50 ක් වන ටැමඩෝල් පෙති වුවත් මෙම ඖෂධ අලෙවිසැලේ තිබී මිලි ග්‍රෑම් 225 ක් වන ටැමඩෝල් පෙති තොගයක්ද සොයාගෙන ඇත.ඒවා වෛද්‍ය නිර්දේශයකින් තොරව අලෙවි කර ඇති බවට අනාවරණය වී ඇත.