අනුරාධපුර, නාච්චාදූව මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ කාරක සභාව නාච්චාදූවේ පන්සල් දහයක වැඩ සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා ජුම්මා පල්ලියට වැඩම කර දහවල් දානය පිරිනැමීය.
පහළොස් දෙනෙකුගෙන් සමන්විත මොහොමඩ් ජුම්මා පල්ලියේ කාරක සභාවේ නියෝජිතයෝ අලුයම සිටම ඔවුන්ගේ අතින්ම දානය සකස් කිරීමෙන් අනතුරුව පෙරවරු එකොළහ පමණ වනවිට වියන් බැඳ මහා සංඝරත්නය ඉස්ලාම් බැතිමතුන් විසින්ම ජුම්මා පල්ලිය වෙත වැඩම කරවනු ලැබුහ.
ඉඹුල්මල්ගම සෝමානන්ද හිමියෝ බෞද්ධ ආගමික වතාවත් ද ෆයිරූස් මව්ලවිතුමා මුස්ලිම් ආගමික වතාවත් ද ඉටු කළහ.






