
(සුමිත් පොතුපිටිය)
කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකක ගොඩනැගිල්ලේ පියගැට පෙලෙහි පිපිරීමක් හේතුවෙන් නේවාසික රෝගීන් කලබලයට පත්ව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
හදිසි අනතුරු ඒකක ගොඩනැගිල්ලේ දෙවන සහ තුන්වන මහල්හී පිහිටී 32 සහ 33 වාට්ටුවල පියගැට පෙලෙහි ටයිල් කැට කිහිපයක තැන තැන පිපිරීම් හටගෙන ඇති බව වාර්තාවේ.
වාට්ටුවල නේවාසික රෝගීන් වාට්ටු වලින් මාරුකර යැවූ බවද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
පිපිරීම සම්බන්ධයෙන් ඉංජිනේරුවරුන් කිහිප දෙනෙක් පරීක්ෂණ සිදුකරමින් සිටින බවද සදහන් වේ.

