නාගොඩ දැරිය හම්බේගමුව වාඩියකින් සොයා ගනී


කළුතර නාගොඩ දහතුන් හැවිරිදි දැරියක තණමල්විල හම්බේගමුව හේනක වාඩියකින් සොයාගත් බව හම්බේගමුව පොලීසිය කියයි.

දැරිය පැහැරගත් බව කියන තරුණයෙක් ද බෙහෙත් කොටන තුවක්කුවක් ළග තබාගත් බව කියන තරුණයාගේ පියා ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

දැරිය පැහැරගත් බවට නාගොඩ පොලීසියට  පැමිණිළි කැර තිබිණි.

දැරිය රෝහල්ගත තළ අතර තරුණයාත් තරුණයාගේ පියාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.