නාගරික සංවර්ධනයේ හිටපු ලොක්කන් දෙන්නාට ඇප


(රෝෂන් තුෂාර)

රජයට රුපියල් ලක්ෂ 295 කට අධික පාඩුවක් සිදු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ඉඩම් අධ්‍යක්ෂ ජනරාල් සම්පත් සුමේද පූජිත රත්නායක හා හිටපු ඉඩම් අධ්‍යක්ෂ වීරවංශ පෙරේරා සැකකරුවන් දෙදෙනා  ඇප මත මුදා හැරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්   අසංක එස් බෝදරගම මහතා අද නියෝග කළේය.

සැකකරුවන්ට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇපය බැගින් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝගග කළේය.

නාගරික සංවර්ධ්‍න අධිකාරිය සතු ව තිබූ කාළඹ 05, මයුර වෙවදවසේ පිහිටි පර්චස් 55.5 ක ඉඩමක් 2016 වසරේදී තාවකාලික බදු පදනම මත ලබා  දී නාගරික සංවර්ධ්‍න අධිකාරියට රු. 29,519,666.16 ක මුදලක් අහිමි කිරීම තුළින් දූෂණ වරද සිදුකිරීම ම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.