නාගරික මන්ත්‍රී සිරුර පිළිස්සෙද්දී ආදාහනාගාරය කැඩේ


ගාල්ල හිටපු නාගරික මන්ත්‍රී පී වයි බී කොස්තා මහතාගේ  අදාහනය අද (10) සවස සිදු වෙද්දී  ගාලු නගර සභා අදාහානාගාරය ක්‍රියා විරහිත විය.

ඒ වන විට සිරුර බාගෙට පිළිස්සී තිබිණි.

ගාලු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා කීවේ ගෑස් පද්ධිතය කිහිප වරක් ක්‍රියාත්මක කරමින් දේහය ආදාහනය කිරීමටඋත්සාහ ගන්නා බවයි. දේහයක් ආදාහනය කළ නොහැකි වුවහොත් එය භූමදානය කිරීම සිදුවෙයි. 

එහෙත් ඊට නාගරික මන්ත්‍රීවරයාගේ නෑයන් සිරුර භූමදානයට කැමත්ත පළ කළ බවක් ඔහු කීවේ නැත.