පෑලියගොඩ නගර සභාවේ නගර සභා මන්ත්‍රී ශාමිල් සඳරුවන් පසුගිය 12 වැනිදා දළුගම පරණ නුවර පාරේදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනා ද ඝාතකයන් පැමිණී යතුරුපැදිය ද ඝාතනයට යොදා ගත් අවිය ද ඔවුන් ඇද සිටි ඇඳුම් ද සොයා ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාස ඒකකය කියයි.
යතුරුපැදිය තංගල්ලෙන් සොරාගෙන බොරු නොම්මරයක් ගසා ඝාතනයට ගොස් ඇතැයි ද කියති.
කණ්ඩායම් දෙකක් අතර කාලයක් තිස්සේ පැවැති ආරවුලක් මේ ඝාතනයට හේතුව විය හැකි බව පොලීසිය පවසයි.

