
(මහින්ද නිශ්ශංක )
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ ඉන්දියාවේ නාගපට්ටිනම් හා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව යළි අද (18) උදේ සිට ආරම්භ කළ බව වරාය අධිකාරිය පවසයි.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව පසුගිය 13 දා සිට ඊයේ (17) දක්වා නතර කර තිබුණි.
අද උදේ ඉන්දියාවේ නාගපට්ටිනම් සිට මගීන් 100 දෙනෙකු මෙරටට පැමිණි අතර ශ්‍රී ලංකාවෙන් මගීන් 100 දෙනෙකු පමණි ඉන්දියාව බලා පිටත්ව ගිය බවත් අධිකාරිය සදහන් කරයි.
අගහරුවාදා හැර සතියේ සෙසු දිනවල දිනකට ගමන් වාර දෙකක් මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ක්‍රියාත්මක කෙරෙන බවද වරාය අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

