නාග විහාරයේ දෙපැත්තම උසාවි ගෙන්වයි


කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන්  දෙපාර්ශවයටම අඟහරුවාදා (17) අධිකරණයේ පෙනී සිටින්නැයි නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහනය දිනයේ නාග විහාරයට යෑම වළක්වාලමින් උන්වහන්සේගේ හිටපු ප්‍රධාන ගෝල හිමිනම වන වතුරුවිල සිරි සුජාත හිමියන්ට අධිකරණය වාරණ නියෝගයක් පනවා තිබිණි.

ඒ අනුව ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධම්ම මහතා සංඝ සභාවේ මහා නායක හිමි සහ    උඩතලකන්දේ ආරියරතන  හිමියන්ට ද, නාග විහාරයේ දායක සභාවේ සභාපති හා ලේකම්ට එසේ අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.