අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියනට අවසන් ගෞරව දැක්වීමට කෝටටේ නාග විහාරයට අදත් විශාල පිරිසක් ආහ.
කිතුණු, හින්දු සහ මුස්ලිම් ආගමික නායකයෝ ද නාහිමි දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ.
ඇමැති රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, සිසිර ජයකොඩි, හිටපු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ ඇතුළු දේශපාලකයෝ ද, ත්‍රිවිධ හමුදාපතිවරු ද, කලාකරුවෝ ද සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.
දර්ගා නගරයේ මුස්ලිම් ජාතිකයෝ පිරිසක් අදත් එහි එන මහ ජනයාට වතුර බෝතල් පිහි නැමූහ.
(ඡායාරූප ඉෂාන් සංජීව)
(ඡායාරූප තරිඳු ජයවර්ධන)



































