සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම ස`දහා කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානය වෙත අද (10) අලූයම සිට විශාල ජනකායක් ඇදී ආහ.
නාග විහාරය දෙපස මාර්ගයේ දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඔවුන් පෙළගස්වමින් හිමියන්ගේ දේහය තැන්පත් කර ඇති විහාරස්ථ ධර්ම ශාලාව වෙත යොමු කිරීම සඳහා ආරක්ෂක අංශය දැඩි වෙහෙසක් දැරිය.
දුර බැහැර සිට සෝභිත හිමියන්ට අවසන් ගෞරව දැක්වීමට පිරිස් පැමිණි අතර ඔවුන් වෙනුවෙන් සිසිල් පැන් , බිස්කට්, යෝගට් ආදී දන්සල් ද සංවිධානය කර තිබිණි.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඡායාරූප - ඩික්සන් වසන්ත










