නාඋල ප‍්‍රාදේශිය සභාව මගින් සේරුදණ්ඩාපොල ප‍්‍රදේශයට බැහැරකරන කුණු හේතුවේන් ප‍්‍රදේශයේ ජීවත්වන ජනතාව මෙන්ම කණ්ඩලම හා ඉබ්බන්කටුව ජාලශයට ජලය ගෙනයන ඇල මාර්ගයට කුණු මිශ‍්‍රවීම හේතුවෙන් එම වාරි පද්ධති භාවිතා කරන පවුල් පනස් දහසක් පමණ දුෂ්කරතා රැසකට මුහුනපා ඇතැයි ප‍්‍රදේශ වාසිහු පවසති.
දිනපතා කුණු ටැක්ටර් තුනක් පමණ සේරුදණ්ඩාපොල ප‍්‍රදේශයට රුගෙන එන බවත් වර්ෂාවත් සමග කුණු අවට ප‍්‍රදේශයේ නිවාස හා ඉඩම් වල තැම්පත් වී අධික දුර්ගන්ධයක් පැතිර යන බවත් ප‍්‍රදේශවාසිහු කියති.
නිවෙස් වල මැස්සන් හා කුණු කන්දේ ඇති විවිධ අප‍්‍රද්‍රව්‍ය කුණු කන්දේ සිට සතුන් විසින් නිවෙස් වෙතට ගෙනවිත් දමන බව ද ඔවුහු කියති.




