නා හිමිට ගුරු ප්‍රතිභා සම්මානය


(  සමන් විජය හෙම්මාතගම සිට ) - සතර කෝරළයේ උප ප්‍රධාන සංඝනායක හෙම්මාතගම කපුරැක්ක විහාරාධිපති රංදිලිගම ජිනරතන නාහිමියන් ගුරුප්‍රතිභා ප්‍රභා  සම්මානයෙන් පිදුම් ලැබිම වෙනුවෙන් හෙම්මාතගම පිරිවෙන හා විද්‍යායතනය  සංවිධානය කළ උත්සවය පසුගිය දා පැවැතියේය. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක මහතා ප්‍රධාන ආරාධිතයා විය.