නා උයනේ අනතුරින් තවත් හිමි නමක් අපවත් වෙති


(චාන්දනී දිසානායක)

පන්සියගම  නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ රැගත් විදුලියෙන් ක්‍රියාත්මක කරන ඩක්කුව කඩා වැටී ප්‍රපාතයට වැටීමෙන් තුවාල ලැබූ තවත් හිමි නමක් අපවත් වූහ.

පසුගිය දා සිදු වූ එම අනතුරින් භික්ෂූන් වහන්සේලා 7 නමක් අපවත් වූ අතර තවත් භික්ෂූන් වහන්සේ හය නමක් තුවාල ලදහ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී  පන්නිපිටියේ ඉන්දෝභාස හිමියන් අද  අලුයම අපවත් වූහ.

අනතුරින් තුවාල ලැබූ ඉන්දෝභාස හිමියෝ කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියහ.