අද දහවල් 2.15ට පමණ පිළියන්දල නගරයේ සාප්පුවක අනතුරු සංඥාවක් නාද වීමත් සමග පොලිසිය වහාම එහි කඩාගෙන ආවේය.
කොල්ලයක් සිදුවූ කිසිම ලකුණක් එම සාප්පුවෙන් දැක ගත නොහැකි විය.
සාප්පුවේ සේවකයකු අතින් වැරදීමකින් අනතුරු නළාවේ අත වැදීම ඊට හේතුව බව පොලිසිය කියයි.
මේ සිද්ධිය නිසා නගරය ටික වේලාවක් යන තුරු කැළඹීමකට පත් විය.

