අයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු අද (23) පස්වරුවේ වැල්ලවත්ත ගාලු පාරේ රන්බඩු හළක් කොල්ල කෑමට පැමිණියත් එහි සේවකයින් හදිසි නළාව හැඩවීම නිසා ඔවුන් පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.
පැමිණි යතුරුපැදියේම නැගී ඔවුන් පැන ගොස් ඇති බවත් පලා යන අතරේ ඔවුන් රන්බඩුහල දෙසට වෙඩි තබා ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

