නළා හඬවන්නේ බලාගෙනයි


වාහන නළා   අධික ශබ්දය පරිසර දුෂණයක් බැවින් වාහන නලා   නීති රෙගුලාසි පිළිබඳව මහජනතාව   රියදුරන් සහ පොලිසිය දැනුවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැරසෙයි.

සිකුරාදා (20) පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා කොළඹ කොටුව ප‍්‍රධාන බස් නැවතුම් පොළ   බැස්ටියන් මාවත හා ගුණසිංහපුර බස්නැවතුම් පොළ ආශ‍්‍රිතව බස්රථ නළා ශබ්දය මැනීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බව එම අධිකාරිය පවසයි. ප‍්‍රමිතියෙන් තොර නළා ඉවත් බව අධිකාරිය සඳහන් කරයි.

රාජගිරිය කාසල් වටරවුම   කැළණිතිස්ස බලාගාර වටරවුම හා වැල්ලවත්ත   ගාලූපාර ආශ‍්‍රිතව වාහන නළා මගින් නිකුත් කරන අධික ශබ්දය පරිසර දුෂණයක් බව අත්පති‍්‍රකා මගින් ජනතාව දැනුවත් කිරීමටත් මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත.

ජාතික පාරිසරික පනත යටතේ අංක 1737 / 37 දරණ ගැසට් නිවේදනය මගින් වාහන නළා සඳහා ප‍්‍රමිතී  පනවා තිබුණ ද   රියදුරන් අධික ශබ්ද සහිත නළා නාද කිරීම ශ‍්‍රවණ ආබාධ , මානසික ආතතිය, අධික රුධිර පීඩනය , දෛයිනික කටයුතු වලට බාධා  වීම   රිය අනතුරු ඇතිවිමේ හැකියාව ද ඉහළ යතියි  කියති.

 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව , ශී‍්‍ර ලංකා පොලීසිය , කාර්මික තාක්ෂණික ආයතනය හා ජනමාධ්‍ය ආයතන ද මේ වැඩපිළිවෙළ සාර්ථක කැර ගැනීමට  සහාය දෙයි.