සිංහල අලුත් අවුරුදු හිසතෙල් ගැමේ චාරිත්‍රය යෙදුනු අද (15) පූර්ව භාග 9.06 ට යෙදුණු නැකතට අනුව පින්නවල අලි අනාථාගාරයේ අලින්ගේ හිස තෙල් ගෑමද සිදු කෙරිණි.
සෙත් පිරිත් සජ්ඣායනා මැද සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක, සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුරුද්ධ සිල්වා, පළාත් සභා මන්ත්‍රි සංදිත් සමරසිංහ, පින්නවල අලි අනාථාගාරයේ සහ පින්නවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රේණුකා බන්ඩාරනායක සහ සහකාර අධ්‍යක්ෂිකා දිනේෂිකා මානවඩු යන මහත්ම මහත්මින් අතින් අලින්ගේ හිස තෙල් ගැල්වීම සිදු කෙරිණි.
හිසතෙල් ගෑමෙන් අනතුරුව රසවත් පලතුරූ වලින්ද අලින්ට සංග්‍රහයක් ලැබිණි.






