නව වසරේ දී ලෝක නායකයින් හා දේශපාලනඥයින් රැසක් නිල සංචාර සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
ඔවුන් වැඩි දෙනා ජනවාරි මාසයේ දී දිවයිනට පැමිණීමට නියමිතය. නවසීලන්ත අගමැති ජෝන් කී, පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්, බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්, ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ්, නෝර්වේ විදේශ අමාත්‍ය බෝර්ජි බ්‍රෙන්ඩේ ඒ අතර වෙයි.

