නීති විරෝධී අයුරින් නවසීලන්තයට යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 18 දෙනකු මීගමුවේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
නාවික හමුදාව හා පොලිසිය එක්ව කළ ඒකාබද්ධ මෙහෙයුමක දී බ්‍රහස්පතින්දා (23) රාත්‍රියේ මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත. සැකකරුවන් පැමිණි බව කියන වෑන් රියක් ද නාවික හමුදා බාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා පවසයි.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් මීගමුව පොලිසියට බාරදී ඇත.

